වර්ෂ 2019 සමෘද්ධී ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සංඛ්‍යාව 02කි. මෙමඟින් සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 4877 ක ප්‍රමාණයක් මාසිකව රජය මඟින් ලබාදෙන සහනාධාර මුදල් ලබාගනී. ඉන් ප්‍රතිලාභීන් 248 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
මෙම කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන යටතේ සිදුකරන සමාජ සංවර්ධන අංශය මඟින් සමෘද්ධිලාභී පවුල්වල දුම්වැටි මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, කායික මානසික ගැටළු අවම කිරීම, සතුටු පවුල් වැඩසටහන වැනි දේ සිදුකරන ලබයි. තවද ජීවත්වීමට සුදුසු නිවාස නොමැති පවුල් සඳහා දිරිය ලියට සවියක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකරදීම සිදුකරනු ලබයි.
එසේම මෙම කොට්ඨාසයේ සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මුදල රු. 50000/- කි. මෙම ප්‍රතිපාදනවලින් අලෙවි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් තෝරාගත් ප්‍රතිලාභීන්ගේ කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා වීදුරු සෝකේස්, තරාදි, රසකැවිලි නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ ලබාදීම සිදුකිරීමට නියමිතය. පවතින සමාජ ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධනය හා කෘෂි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 52ක ගෙවතු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රු.260000/=.ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. සාර්ථක අලෙවිකරුවන් ඒකරාශී කරගෙන ප්‍රාදේශීය අලෙවි සංගමයක් පිහිටුවා ඇත. ඔවුන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන හරහා සමෘද්ධි බැංකු මඟින් සිදුකරනු ලබයි.තවද සමෘද්ධි ලාභීන්ගේ නිවෙස් අලුත්වැඩියාව සඳහා නිවාස ණය ලබාදීම, කුළුබඩු නිෂ්පාදනයට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම, කෘෂිව්‍යාපෘති සඳහා බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාදීම වැනි කාර්යයන් සඳහා සමෘද්ධි බැංකුව මඟින් ණය ලබාදීම සිදුකරනු ලබයි.















