විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන 'රටම එකට' ජාතික වැඩසටහන කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.යූ.අයි.එන්.කේ. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන 2025 ඔක්තෝබර් 30 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වූ "රටම එකට" ජාතික උතසවයේ, මංගල උත්සවයට සමගාමීව පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම්වරයාට අමතරව, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), පරිපාලක නිලධාරි සහ කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය .



















